Release
The Mark
I.G.I 03 ?? 🔸පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ ලොකුම ලොකු රැවටීමක් කරපු ගේම් එකක් තමයි මේ ගේම් එක. ඇත්තටම මේ ගේම් එක I.G.I Series එකට කිසිම සම්බන්ධයක් නැති ගේම් එකක්. ලංකාවේ මේ ගේම් එක Play කරපු අයගෙන් හුඟ දෙනෙක් මේක Play කලේ I.G.I 03 කියලා හිතාගෙන. ඇත්තටම I.G.I 02 එකෙන් පස්සේ ඉස්සරහට Release වෙන්න තියෙන I.G.I Origins ගේම් එක හැරෙන්න වෙනත් කිසිම I.G.I ගේම් එකක් මේ වෙනකම් Release වෙලා නෑ. 🔹තාමත් ලංකාවේ හුඟක් තැන්වල මේ ගේම් එක විකුණන්නේ I.G.I 03 කියලා. CD Cover එකේ පවා I.G.I 03 කියලා Print කරලා තමයි මේ ගේම් එක විකුණන්නේ. ඒ නිසා ආයේ කවුරුත් මේ ගේම් එකට I.G.I 03 කියලා රැවටෙන්න එපා. 🔸මේ ගේම් එක I.G.I කියලා වැරදියට වටහා ගන්න ප්‍රධානම හේතුව වුනේ මේ ගේම් එකේ ප්‍රධාන චරිතයක් වන Austin Hawke ස්වරූපයෙන් හා හැසිරීමෙන් I.G.I Series එකේ ප්‍රධාන චරිතය වන David Jones ට බොහෝ සෙයින් සමාන වීමයි. 🔹කොහොම වුනත් මේ ගේම් එක I.G.I ගේම් එක වගේ High Quality ගේම් එකක් නෙමෙයි. ඒ කියන්නේ කොච්චර හොඳ Gaming PC එකක වුණත් උදාහරණයක් ලෙස 8GB Ram / GTX 1050 VGA / Windows 10 තියෙන PC එකක වුණත් මේ ගේම් එක Lag වෙන්න පුලුවන්. සමහරක් PC වල විතරයි මේ ගේම් එක Lag නොවී Run කරන්න පුළුවන්. 🔸හුඟක් අය I.G.I කියලා හිතාගෙන මේ Quality එකෙන් අඩු ගේම් එක Play කරපු නිසා Original I.G.I Series එකේ ප්‍රතිරූපයට ලොකු හානියක් වුණා. නමුත් මේ වෙද්දි Original I.G.I Series එකේ Developer වුනු Innerloop Studios ආයතනය මූල්‍ය ගැටලු නිසා වසා දමා තිබුණු නිසා මීට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න හැකියාවක් තිබුනේ නෑ. ඒ නිසා මේ ගේම් එක දිගටම I.G.I 03 ලෙසින් ප්‍රසිද්ධ වුණා. Story, Characters & Places 🔹මේ ගේම් එකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි ඇමරිකානු Marine සෙබලෙක් වුනු Steve Fletcher. අනිත් එක්කෙනා තමයි කුලී සොල්දාදුවෙක් වුනු Austin Hawke. 🔸ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් එංගලන්තයේ ලන්ඩන් නුවරට එල්ල කිරීමට සූදානම් කර තිබූ ප්‍රහාරයක් නතර කිරීම සහ ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් Steve Fletcher ගේ නැගණිය බේරා ගැනීම සම්බන්ධව තමයි Story එක තියෙන්නේ. ... Gameplay 🔹මේ ගේම් එකේ විශේෂත්වය තමයි මේ ගේම් එක Singleplayer Campaign දෙකකින් සමන්විත වීම. ඒ කියන්නේ මේ ගේම් එකේ ප්‍රධාන චරිත දෙකෙන් කැමති කෙනෙක් ව තෝරගෙන ඔයාට ගේම් එක Play කරන්න පුළුවන්. තෝරගන්න කෙනා අනුව ලැබෙන Mission වෙනස් වෙනවා. ඒ වගේම ලැබෙන ආයුධත් වෙනස් වෙනවා.